― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋතුරු පළාත ඉන්දියාවට විකුණලාද?

උතුරු පළාත ඉන්දියාවට විකුණලාද?

පවතින ආර්ථික අර්බුදය හමුවේ උතුරු කොටස ඉන්දියාවට විකිණීමට මෙරට රජය කටයුතු කරමින් සිටින බව මන්නාරම දිස්ත්‍රික් ධීවර සංගමයේ සභාපති මොහොමඩ් අලාම් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ යාපනයේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටුවීමට නියමිත සුළං බලාගාරය, අදානි සමූහ ව්‍යාපාරය විසින් ආරම්භ කර ඇති සුළං බලාගාර ව්‍යාපෘතිය ඇතුළු තවත් ව්‍යාපෘති සම්බන්ධයෙන් අදාළ පිරිස් සමඟ සාකච්ඡා කර ඇති බව ඔහු එහිදී පැවසීය.

දැනට ඉන්දියාවෙන් ලංකාවට ඉන්ධන සැපයීම තාවකාලිකව අත් හිටුවා ඇති අතර ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ අපිට උදවු නොකර උතුරේ සම්පත් පරිහරණය කිරීමයි.

පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දීය කණ්ඩායමක් මන්නාරම දිස්ත්‍රික්කයේ ඇඩනි සමූහයට අයත් ව්‍යාපෘතියක් ගවේෂණය කිරීමට පැමිණියේය.

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා රජය නොදනී. අනාගතය පිළිබඳ කාලෝචිත තීන්දු තීරණ නොගැනීම නිසා අපේ රට දරිද්‍රතා රේඛාවෙන් පහළට තල්ලු වී ඇත. මේ ආණ්ඩුව රටේ සෑම බිම් අඟලක්ම විකුණාගෙන කෑමට වෑයම් දැරීම අපට නොරහසකි.

අදානි යනු ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ප්‍රසිද්ද ව්‍යාපාරිකයෙකි. එම නිසා රටේ උතුරු ප්‍රදේශය ඔහුට විකිණීමට කටයුතු කරමින් සිටින බවද හෙතෙම එහිදී අවධාරණය කළේය.