― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසහල් හිඟයක් නැහැ - වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය

සහල් හිඟයක් නැහැ – වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය

සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් එස් .ටී. කොඩිකාර පැවසුවේ මේ මස 25 වැනිදා වන විට සහල් මෙට්‍රික් ටොන් හතළිස් හත්දහසක් මෙරටට ගෙන්වා ඇති බවයි.

මේ මාසය තුළ පමණක් සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් මෙරටට රැගෙනවිත් ඇති අතර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ එම සහල් මෙරටට ගෙන්වා තිබේ.

නාඩු, සම්බා, සුදු කැකැළු සහල් එම තොගයට ඇතුළත්ය.

ඉන්ධන ගැටලුව හේතුවෙන් සහල් බෙදාහැරීමට බාධා මතුව ඇතැයි වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය පවසයි.