― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅද දුම්රිය 22ක් අවලංගුයි

අද දුම්රිය 22ක් අවලංගුයි

අද (01) දුම්රිය 22 ක් අවලංගු කිරිමට සිදුවන බව දුම්රිය ධාවන අධිකාරිවරයා පවසයි.

ඉන්ධන අර්බුදය හමුවේ සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස දුම්රිය 22 ක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය ධාවන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්ධන ගබඩාවෙන් කාර්ය මණ්ඩලය සඳහා ඉන්ධන ලබා දීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව දුම්රිය ධාවන අධිකාරිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.