නොර්වුඩ් නගරයේ ස්වර්ණාභරණ උකස් ගන්නා ස්ථානයකින් රුපියල් තුන් කෝටි පහළොස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ සොරා ගත් බව කියන කාන්තාවක් ඇතුළු 04ක් අත්අඩංගුවට ගෙන තිබේ.
නොර්වුව් පොලීසිය සහ හැටන් කොසට්ඨා අපරාධ විමර්ශන අංශය ඒකාබද්ධව සිදුකළ විමර්ශනයක් මගින් ඊයේ (30) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් විසින් සොරාගෙන තිබියදී සොයා ගත් රන් අභරණ අතර රන් මාල 54 ක් රන් කරාබු 757ක්, රන් පෙන්ඩන්ට් 177ක්, රන් මුදු 404ක්, රන් ට්රසල් 84ක්, රන් අත්පළදනා 18ක්, රන් වළලු 01ක්, රන් කැබලි 09ක් තිබී ඇති අතර එහි සමස්ත බර ග්රෑම් 1484ක් (කිලෝ 1 1/2ක්) තිබී ඇති බව වාර්තා වෙයි.
අදාළ සොරකම පසුගිය වසරේ දෙසැම්බර් මස 09 වැනිදා සිදුව තිබෙන බවත් සොරා ගත් රන් ආභරණ අලෙවි නොකර එක් සැකකරුවෙකු පදිංචි නෝර්වුඩ් වෙන්චර් වතුයායේ නිවසේ පිහිටි ගෙවත්තේ වළ දමා තිබී සොයා ගත් බවත් හැටන් පොලිසිය පවසයි.