25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැලේසියාවෙන් ඉන්ධන ඉල්ලයි

මැලේසියාවෙන් ඉන්ධන ඉල්ලයි

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් පළමු නෞකාව ලබන 08 වැනිදා හෝ 09 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) බලශක්ති අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එමෙන්ම ලබන 22 හෝ 23 වැනිදා පෙට්‍රල් රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බවත් එම නෞකාව අයි.ඕ.සී. සමාගම විසින් මෙරටට ගෙන්වීමට නියමිත බවත් වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ මස 10 වනදාට පෙර පෙට්‍රල් නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කරමින් සිටින බව එහිදී බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය. මැලේසියානු රජයේ අනුග්‍රහකත්වයෙන් මෙම පෙට්‍රල් නෞකාව ලබාගැනීමට කටයුතු කරන බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

එලෙස ලබා ගැනීමට අපේක්ෂිත පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50,000ක්.