26.1 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැස්ටියන් මාවතේ වෙඩික්කරු ගම්පහදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට

බැස්ටියන් මාවතේ වෙඩික්කරු ගම්පහදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට

පිටකොටුව, බැස්ටියන් මාවත ප්‍රදේශයේදී පසුගියදා සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය හා සැකකරු අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් අනතුරුව ඔහු ජීවිතකෂයට පත්ව තිබේ.

මෙම සැකකරු ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇති බව වාර්තා වෙයි. මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි අයෙක් වන අතර ඔහු දර්ගා නගරය සහ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු අපරාධ කල්ලි සාමාජික ‘ගණේමුල්ල සංජීව’ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් බවටද හඳුනාගෙන තිබේ.

පසුගිය මැයි 30 වැනිදා බැස්ටියන් මාවත ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබූ අතර ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.