33.4 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහබැංකු බැඳුම්කර නඩුවට දින නියම වෙයි

මහබැංකු බැඳුම්කර නඩුවට දින නියම වෙයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන 21 වැනිදා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

අදාළ නඩුව පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (04) කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය සිදු කර ඇත.

රජයට අයත් රුපියල් මිලියන 688ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමෙන් සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා අදාළ නඩුව ගොනුකර තිබේ.