― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරට මුහුණ දෙන ඉදිරිය භයානකයි: ආණ්ඩුවට ඒ ගැන තැකීමක් නෑ

රට මුහුණ දෙන ඉදිරිය භයානකයි: ආණ්ඩුවට ඒ ගැන තැකීමක් නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා

කොවිඩ් – 19 ව්‍යාප්තියේ හතරවැනි රැල්ලක් නිර්මාණය වෙමින් තිබෙන පසුබිමක එහි ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ආණ්ඩුව සූදානම් වන බවක් පෙනෙන්නට නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඒ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ, ඉදිරියේදී ඇති විය හැකි භයානක තත්ත්වය ගැන කිසිඳු තැකීමක් නොකිරීම සම්බන්ධයෙන් කනගාටු වන බවයි. තම තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු යැයි ද හෙතෙම එහිදී සඳහන් කළේය. කොවිඩ් වසංගතය එක් පැත්තකින් රට දුර්වල කරමින් සිටින බවත්, කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැරදි ප්‍රතිපත්ති නිසා ඉදිරියේ දී සාගත තත්ත්වයක් ඇති විය හැකි බවත් ඔහු මෙහිදී කියා සිටියේය.

පහන් විජේසේකර