ඉන්ධන පිරවුම්හලක් තුළ දී හමුදා නිලධාරියෙකු විසින් තරුණයෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.
කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක දී මෙම පහරදීම සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
කෙසේ වෙතත් අදාල වීඩියෝව සමාජ මාධ්‍ය මාධ්‍ය වෙත මුදාහැරී පුද්ගලයාට, විවිධ පුද්ගලයින් විසින් මේ වනවිට තර්ජන එල්ල කරන බව අදාල පුද්ගලයා අප සමඟ සඳහන් කළා.
මෙම තර්ජන හමුවේ තමන් මේ වනවිට බියට පත්ව සිටින බවයි ඔහු වැඩිදුරටත් අප සමඟ ප්‍රකාශ කර සිටියේ.