― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsLocalහමුදා නිලධාරීන්ට කියන්නේ උඹලගෙ කකුල් උස්සපල්ලා පුලුවන්නං ඇමතිලා ගාව

හමුදා නිලධාරීන්ට කියන්නේ උඹලගෙ කකුල් උස්සපල්ලා පුලුවන්නං ඇමතිලා ගාව

ඉන්ධන පෝලිම් වලදී සහ අනෙකුත් අවස්ථා වලදී පොලීසියේ හා හමුදාවේ නිලධාරීන්නිරායුධ ජනතාවට පහර දීම පිළිකුල් සහගත ලෙස හෙළා දකින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.

අද 4 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී දුමින්ද නාගමුව මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව

ඊයෙ හවස හතරට විතර සිදුවීමක් වුණා කුරුණෑගල දඹුල්ල මාර්ගයේ තියෙන යක්ගහපිටිය ලාෆ් ඉන්ධන පිරවුම්හලේ මේකට සම්බන්ධ වෙලා තිබුණ වෑහැර     කෑම්ප් එකේ සීඕ කෙනෙක් හමුදා නිලධාරියෙක් ඔහු පහර දීමක් කරනවා.

 මෙවැනි සිදුවීම් ගණනාවක් රට පුරා සිද්ධ වුණා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ගිය විරෝධතාකරුවන්ට බෝඩ් ඉවත් කරලා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා අදහස් දැක්වීමේ අයිතිය ට විරුද්ධව හමුදාව යොදවලා කටයුතු කරපු ආකාරය අපි දැක්කා.

 කන්දකාඩු සිදුවීමේ අපි දැක්කා එක රැඳවියෙක් මිය ගිහිල්ලා තියෙනවා. පහරදීම් නිසා.

 ඒවත් පොදුවේ රට ඇතුලේ කරන ප්‍රචණ්ඩත්වයට සම්බන්ධයි.

 මේ සිද්ධිය හමුදා නිලධාරියා ෆුට්බෝ ලයකට ගහනවා වගේ ඒ ඉන්න තරුණයෙකුට පහර දෙනවා. මහජන ආරක්ෂක ඇමතිවරයෙක් ඉන්නවා ටිරාන් අලස්  මහජන ආරක්ෂක ඇමැතිවරයා මේ රටේ ප්‍රධාන බැංකුවකට ලංකා බැංකුවට මිලියන 2250 ක පොල්ලක් තියලා තියෙනවා.

 ඔහුට අයිති නැති ඉඩම ක්‌ උගස් තියලා තමයි දෙවැනි වතාවට ඔහුගේ ණය මුදල දීර්ඝ කරලා ඔහුගේ ණය මුදල විශාල කරල තියෙන්නෙ.

 මේ පිළිබඳව අපි විටින් විට හෙළිදරව් කිරීම් කරා.

 අපි හමුදා නිලධාරීන්ට කියන්නේ උඹලගෙ කකුල්  උස්සපල්ලා පුලුවන්නං  ඒ ඇමතිලා ගාව.

 මෙතැන සිද්ධිය තමයි 4:00 වෙනකන් තෙල් ගහල ඊට පස්සේ හමුදාව ටයි පොලීසියටයි තෙල් ගහන්න මිනිස්සු ඉන්දැද්දි කරනවා. ඒ පිළිබඳව තරුණයෝ ප්‍රශ්න කරනවා. ඇයි මෙහෙම කරන්නෙ මිනිස්සු මේ තරම් පීඩනයක ඉද්දි කියලා.

 පාසල් සියල්ල අඩපණ වෙලා, රෝහල් වලට මනුස්සයෙක් ගෙන්න ගන්න විදිහක් නෑ, සෞඛ්‍ය සේවයට බෙහෙත් නෑ, අත්‍යාවශ්‍ය සේවා සියල්ල අඩපණ වෙලා තියනවා, ගොවියන්ට තමන්ගේ යන්ත්‍ර උපකරණ ක්‍රියාත්මක කරගන්න විදිහක් නෑ.

මොකාටද මේ ලෑස්ති වෙන්නෙ. පැහැදිලිව හමුදාපතිවරයාට කියනවා මේ සම්බන්ධයෙන් පැය විසිහතරක් ඇතුළත  ක්‍රියා මාර්ගයක් ගත යුතුයි.

 මේ සම්බන්ධයෙන් පැය විසිහතරක් ඇතුළත ක්‍රියාමාර්ගයක් ගන්නේ  නැත්නම්        පැහැදිලිව පේන්නේ මේක හමුදාවේ සමස්ත  උවමනාව තමයි දැන් මේ ක්‍රියාත්මක වෙමින් තියෙන්නෙ.

 නිලධාරියාගේ ප්‍රශ්නයක් නෙමෙයි කියන එක.

 හමුදාවට අවස්ථාවක් තියෙනවා නිලධාරියා සම්බන්ධයෙන් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න.

 එහෙම ක්‍රියාමාර්ගයක් නොගන්නවා නම් අපි මේ සම්බන්ධයෙන් පැහැදිලිව මානව හිමිකම් මූලික අයිතිවාසිකම් සම්බන්ධ ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නවා.

ජාත්‍යන්තර සංවිධාන වලට පැමිණිලි කරනවා. මේක අපි ලේසියෙන් අත හරින්නෙ නෑ.

 මේ හදන්නේ හමුදාව පොලිසිය දාලා ජනතාවගේ නැග එමින් තියෙන විරෝධය සපත්තුවෙන් පාගන්න.

 හමුදාවේ සෙබළුන්ට අපි ඉතාම ආයාචනාත්මකව කියනවා ඔබ මේ එන  වියරු  මර්දනයට හිස පාත් කරන්න එපා.

 ඔබට දෙන මෙවැනි නියෝග ක්‍රියාත්මක කරන්න එපා. ඔබේ දරුවා තමයි පාසල් යන්නැතුව ඉන්නේ.

 හමුදාවේ ඉහල නිලධාරීන්ට මේ ප්‍රශ්න නෑ ඒක ඔබ අවබෝධ කරගන්න.

 මේ රටේ සෙබල සහෝදරවරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා  මේ තත්ත්වයට අනුගත වෙන්න එපා.

 මේක මේ රටේ සියලූ ජනතාවට විරුද්ධව ගත්ත ක්‍රියා මාර්ගයක් හැටියට අපි දකිනවා.