හෙට (06) හෝ අනිද්දා (07) අනිවාර්යෙන්ම භූමිතෙල් මිල වැඩි කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (05) පාර්ලිමේන්තුවේදී විදේශ විනිමය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.
දැනට වෙළෙඳපොළේ භූමිතෙල් අලෙවි කරනුයේ රුපියල් 87කට බවත් සංස්ථාවට භූමිතෙල් සඳහා රුපියල් 420ක් වියදම් වන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.