― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෝට්ටුවෙන් ඉන්දියාවට ගිය පිරිසක් අත්අඩංගුවට

බෝට්ටුවෙන් ඉන්දියාවට ගිය පිරිසක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට බෝට්ටුවකින් පළායාමට තැත්කළ පිරිසක් මාන්නාරමදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මෙම පිරිස ඊයේ (05) රාත්‍රී කාලයේදී මන්නාරම පොලිස් වසමේ තාල්පාඩුකිරි වෙරළ තීරයෙන් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට පළායාමට තැත්කර ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් අතර අවුරුදු 18 හා 48 අතර වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු, වයස අවුරුදු 29ක් වූ කන්තාවක් හා වයස අවුරුදු 05ක් හා 08ක් වූ පිරිමි ළමුන් දෙදෙනෙකු හා වයස අවුරුදු 06ක ගැහැණු ළමයෙකු සිටින බව පොලීසිය පවසයි.

මෙම පිරිස මන්නාරම, වැලිමඩ හා වව්නියාව යන ප්‍රදේශවල පදිංචිකරවන් බව වාර්තා වෙයි.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර ඔවුන් අද (06) මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.