30.6 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය ස්ථාන කීපයක ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නවතයි

දුම්රිය ස්ථාන කීපයක ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නවතයි

මගීන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් තමන් දැඩී අසීරුතාවට පත්ව සිටින බව දුම්රිය සේවකයින් පවසයි.

ඇතැම් මගීන් දුම්රිය ස්ථානවලට පහරදීමේ සිද්ධින් කිහිපයක් අද (06) උදෑසන වාර්තා වී ඇති බවද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේය.

එමෙන්ම පානදුර දුම්රිය ස්ථානයේ සේවකයින්ට අද උදෑසන පිරිසක් පහරදී ඇති බව පවසමින් කොටුව, මරදාන, පානදුර, කොල්ලුපිටිය සහ රාගම දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් වැළකීමට දුම්රිය ස්ථානාධිපතිවරු තීරණය කර තිබුණි.