ධනංජය ද සිල්වා ඇතුළු ක්‍රීඩකයන් කීපදෙනක්ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.
ඕස්ටේලියාවට එරෙහිව ආරම්භ වන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයට සහභාගි වීමට නියමිතව සිටි ධනංජය ද සිල්වා ඇතුළු කිහිප දෙනෙකුටයි මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇත්තේ.
එම ක්‍රීඩකයන් වෙනුවට දග පන්දු යවන්නන් වන ප්‍රභාත් ජයසූරිය සහ ලක්‍ෂාන් සඳකැන් සංචිතයට කැඳවා තිබේ.


