30 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස්ගත් ශ්‍රමිකයින්ට විදුලි වාහන ආනයන බලපත්‍ර

විදෙස්ගත් ශ්‍රමිකයින්ට විදුලි වාහන ආනයන බලපත්‍ර

විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවන ඩොලර් ගණන අනුව ඔවුන්ට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබා දීම කෙරෙහි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.

එම ශ්‍රමිකයන් එවන ඩොලර් ප්‍රමාණය අනුව ලබා දෙන වාහන බලපත්‍ර මොනවා ද යන්න පිළිබඳව මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතින බව විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

මේ අනුව විදේශගත සියලු ශ්‍රමිකයන්ට සහන සැලසෙන පරිදි මෙම වරප්‍රසාදය ක්‍රියාත්මක වන කරනු ලබයි.

නීත්‍යනුකූල මාර්ගවලින් මුදල් එවන සියලු දෙනා වෙනුවෙන් අද හෙටම මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැගිය යුතු බව කම්කරු සංවිධාන රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අදාළ නිලධාරීන් වෙත දන්වා ඇති බවත් වාර්තා වෙයි.