28.4 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතයේ පුහුණුව ඇරඹේ

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතයේ පුහුණුව ඇරඹේ

එළැඹෙන ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම සඳහා පසුගියදා නම් කරනු ලැබූ ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත සංචිතය පුහුණුවීම් ආරම්භ කර තිබේ. තෝරාගත් ක්‍රීඩකයෝ ඊයේ සිට ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි අධ්‍යක්ෂ බෙන් ගොලින්ස් සහ සහාය පුහුණුකරු නිල්ෆර් ඉබ්‍රාහිම් යටතේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ ජෛව බුබුලු සෞඛ්‍ය ආරක්ෂක වළල්ලක් ඇතුළත සිය පුහුණුවීම් ආරම්භ කළහ. ආසියා රග්බි තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේදී මේ සංචිතයෙන් තෝරා ගැනේ.

අශෝක ජයසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික රග්බි තේරීම් කමිටුව මේ සංචිතය තෝරා ගනු ලැබුවේ පසුගියදා කොළඹ පැවැති වොරියර්ස් කුසලාන අන්තර් සමාජ ආරාධිත රග්බි තරගාවලියෙනි. මේ තරගාවලියට මහනුවර සහ සීආර් කණ්ඩායම් සහභාගි නොවීමෙන් එම කණ්ඩායම්වල ප්‍රබල ක්‍රීඩකයන් රැසකට මෙවර ආසියා රග්බි තරගාවලිය අහිමි වී තිබේ. ශ්‍රී ලංකා රග්බි සංචිතයට තෝරා ගත් ක්‍රීඩකයන් 20 දෙනා අතරින් 15 දෙනකුම පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩකයන් වීම කැපී පෙනේ.

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය මෙසේය.

රමිත් ද සිල්වා, නුවන් පෙරේරා, ඉෂාර මධුෂාන්, අංජුල හෙට්ටිආරච්චි (ගුවන්), සුරංග කසුන්, සචිත් සිල්වා, ඉරෝෂන් සිල්වා, වගීෂ වීරසිංහ (පොලිසිය), සුධාරක දික්කුඹුර, නාලක මධුරංග, ලසන්ත කුමාර (යුද), අදීෂ වීරතුංඝ කාංචක රාමනායක, චතුර සෙනෙවිරත්න, නිෂොන් පෙරේරා (නාවික), සැමුවෙල් ඔග්බෙබෝර්, හිරන්ත පෙරේරා, කුෂාන් ඉඳුනිල්, රීසා රෆායිඩීන්, ජනිඳු ඩිල්ෂාන් (සීඑච්)

ෆවුස් මොහොමඩ්