27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්නැයි චීනය, ජනතාවට දන්වයි

අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්නැයි චීනය, ජනතාවට දන්වයි

හදිසි අවස්ථාවක් එළඹුනහොත් ඊට මුහුණදීමට අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගබාගන්නැයි, චීන බලධාරීන් සිය රටවැසියන්ට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
එරට වෙළෙඳ අමාත්‍යාංශය විසින් මේ බව නිවේදනය කර ඇත.
 
කෙසේ වුවද, හදිසියේ භාණ්ඩ එක් රැස් කර තබා ගන්නා ලෙස ජනතාවට දැනුම් දීමට මූලිකම හේතුව පැහැදිලිව ප්‍රකාශ කර නොමැත.
 
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එරට ප්‍රදේශ එකවර වසා දැමීම සහ ඉකුත් දිනවල අධික වර්ෂාපතනයෙන් වගා හානිවීම් හමුවේ සැපයුම් දාම බිඳවැටී ඇති බව වාර්තා වේ.
 
මේ වන විට එරට වෙළෙඳසැල්වල දිගු පෝලිම් හටගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්වේ.