26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුද හමුදාවෙන් විශේෂ නිවේදනයක්

යුද හමුදාවෙන් විශේෂ නිවේදනයක්

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළුවීමට උත්සාහ දැරූ විරෝධතාකරුවන්ට සිතා මතා හානි කිරීමේ අරමුණින් වෙඩි තැබූ බවට සිදුකරන ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරවල සත්‍යතාවක් නොමැති බවයි.

යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කරන්නේ ජනාධිපති මන්දිර පරිශ්‍රය වෙත විරෝධතාකරුවන් ඇතුළුවීම වැළැක්වීම උදෙසා අහසට මෙන්ම ජනාධිපති මන්දිරයට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුවේ පැති බැම්මට වෙඩි ප්‍රහාර කිහිපයක් තැබීමට පියවර ගත් බවයි.