28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමහජන අරගලයට ෆ්‍රැන්සිස් පාප් වහන්සේගෙත් සහාය

මහජන අරගලයට ෆ්‍රැන්සිස් පාප් වහන්සේගෙත් සහාය

දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වය නිසා පීඩා විඳිමින් සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ සංවේදී හදවත් සමඟ තමන්ද එක් වන බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පැවසූහ.

පාප් වහන්සේ මෙසේ ප්‍රකාශ කළේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා චතුරශ්‍රයේ ඊයේ (10) පැවති දහවල් තුන් කාලයේ ආරාධනාව යැදුම අවස්ථාවේදීය.

දුගී ජනතාවගේ මොර ගැසීම නොසලකා නොහරින ලෙස ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එලෙසම තමන් සියල ශ්‍රී ලාංකික රදගුරුතුමන්ලා හා එක්ව ශ්‍රී ලංකාවේ සාමය උදෙසා කටයුතු කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එම අවස්ථාවේදී අවධාරණය කළේය.