― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ පාලකයන් වහාම ඉවත් විය යුතුයි

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ පාලකයන් වහාම ඉවත් විය යුතුයි

අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් රටත් ජනතාවත් මුදාගැනීම සඳහා ක්‍රියාකරන ලෙස ජනාධිපතිවරයාටත් රජයටත් අවස්ථා ගණනාවකදී දැනුම් දුන්නත් ඒ කිසිවක් පිළිබඳව ජනාධිපතිවරයා හෝ රජය සැලකිල්ලක් යොමු නොකළ බව මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් පවසති.

පසුගියදා පිටකොටුව බෝධිය අසළ උපවාසයේ යෙදුණු හිමිවරුන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේලා මේ බව සඳහන් කළහ.

ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ සියලුදෙනා එක්සත්ව කටයුතු කළ යුතු බව මහ නාහිමිවරුන් පෙන්වා දෙයි.

එමෙන්ම ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පාලකයන් වහාම ඉවත් විය යුතු බවත් උන්වහන්සේලා මෙහිදී ප්‍රකාශ කර සිටියා.