කථානායකවරයා සහ අරගලකරුවන් අතර සාකච්ඡාව අද (12) පස්වරුවේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර අරගලකරුවන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා සහභාගී වීමට නියමිත බව සඳහන්.
ඉදිරියේදී පිහිටුවීමට යන සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ ඔවුන්ගේ යෝජනා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති.
ඊයේ පැවති පක්ෂ නායකයන්ගේ සාකච්ඡාව අතර තුර ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායකඅමාත්ය ප්රසන්න රණතුංග කළ ඉල්ලීමකට අනුවයි මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම්කර ඇත්තේ.