31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩොලර් හිගය බැරෑරුම්… කිරිපිටි ආනයනය නවතන්න සූදානම්..- මුදල් ඇමති

ඩොලර් හිගය බැරෑරුම්… කිරිපිටි ආනයනය නවතන්න සූදානම්..- මුදල් ඇමති

මෙරට මුහුණ දී ඇති විදේශ මුදල් හිඟ තාවයට රටක් ලෙස ඉතා බැරෑරුම් ලෙස මුහුණ දීමට සිදුවනු ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

දැනට විදේශගත ශ්‍රමිකයන් එවන විදේශ මුදල් ප්‍රමාණය ඉතාමත් අඩු වී ඇති බවත් එය ඉහළ නංවා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

ලබන වසරේ ජනතාවට අවශ්‍ය ප්‍රෝටීන් වෙනුවෙන් විදේශ මුදල් වැය කිරීමට කිසිම ආකාරයකින් හැකියාවක් නොලැබෙනු ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් පලමු කොටම කිරිපිටි ආනයනය නවතා දැමීමට කටයුතු කර දිය හැකි නම් එය විශාල උදව්වක් බවද ඔහු සඳහන් කළේය.

කිසි ලෙසක මෙරට ජනතාවට සාගතය යන වචනයේ අහලකටවත් නොඑන්න වැඩ කටයුතු සිදුකරමින් සිටින බවද මුදල් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

කෘෂිකර්ම අමාත්‍යංශයේ පශූ සම්පත් මණ්ලයේ නිලධාරීන් සමග පැවති සාකච්චාවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.