― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalලංකාවේ වැඩිපුරම කතා වෙච්ච ලියුම් දෙකක් තියනවාඑකක් ගම්පෙරළියෙ නන්දට දීපු ලියුම අනික...

ලංකාවේ වැඩිපුරම කතා වෙච්ච ලියුම් දෙකක් තියනවාඑකක් ගම්පෙරළියෙ නන්දට දීපු ලියුම අනික නන්දසේන ගෝඨාභයගේ ඉල්ලා අස්වීමේ ලියුම

ජනාධිපති නන්දසේන ගෝඨාභයගේ ඉල්ලා අස්වීමේ ලියුම ලැබෙනතුරු සියළු ශ්‍රී ලාංකිකයින් බලා සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

අද 14 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

 ඊයේ දහතුන් වැනිදා දවස තමයි පලවා හරිනු ලැබූ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එවනවා කියපු දවස.

 වරින් වර වරින්වර කතානායක නිවේදනය කලා ලිපියක් එනවා කියලා.

සමාජ මාධ්‍ය වල පළ වුණා මේක ඓතිහාසික පෝය දවසක් වෙනවා. මිනිස්සු ගිහින් පෝය දවස් වල හරක් නිදහස් කරා. මේ පෝය තමයි ඉස්සෙල්ලම හරකෙක් ගෙන් නිදහස් වෙන පෝය කියලා.

 ඊයේ ඒ ලිපි ය ආ වෙ නෑ.

 ගෝඨාභය රාජපක්ෂ මාලදිවයින් ට ගියා මාලදිවයිනේ ඉන්න ජනතාව මාලදිවයිනේ ජනතාවගේ විශාල විරෝධයට ලක් වෙලා දැන් සිංගප්පූරුවට යනවා කියලා   කි ව්වා.

 දැනට සෞදි අරාබියේ රජතුමා විතරයි ඔහුට රැකවරණ ලබා දෙන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ.

 මේක අමුතු එකක් නෙමෙයි රාජපක්ෂලාගේ මුළු පාලන කාලය පුරාම දස දහස් ගණන් මිනිස්සුන්ට සරණාගතභාවය ඉල්ලගෙන ලෝකය පුරා යන්න සිද්ධ වුණා.

 දැන් රාජපක්ෂ කෙනෙකුට යන්න උනහම තමයි ඒක ගොඩක් අය කතා කරන්නෙ.

 ඔහුගේ දෙවැනි මව්බිම කියපු ඇමරිකාව පවා ඔහුව බාරගන්න බෑ කිව්වා. සෞදි අරාබිය තමයි ඔහුට පිහිටට ඉදිරිපත් වෙලා තියෙන්නේ.

 ඒකත් එක්තරා විදිහක දෛවයේ සරදමක් වගේ.මුස්ලිම් විරෝධී ප්‍රචාරක කටයුතු හරහා ජනාධිපති වෙච්ච පුද්ගලයෙක් ඔහුට පැනලා යන්න සිද්ධ වෙලා තියෙන්නෙත් අරාබි රටකට ම තමයි.

 ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන සටන් පාඨයක් විදිහට තිබුනේ ඉන්න රටක් දෙනවා කියලා. එහෙම කියලා ආපු ජනාධිපති එයාට ඉන්න රටකුත් නෑ අපිට ඉන්න රටකුත් නැති කරලා දැම්මා.

 ඔහු මේ වෙනකම් ඉල්ලා අස්වීමේ ලිපිය එවල නෑ.

 මේ තරම් ලංකාවේ මිනිස්සු ලියුමක් එනකම් බලන් හිටපු ඉතිහාසයක් නෑ.

 මේ තමයි ලංකාවේ වැඩිපුරම කතා වෙච්ච ලියුම් දෙක අතරින් එකක් මේක.

 එකක් තියනවා ගම්පෙරළියෙ නන්දට දීපු ලියුම. දෙවෙනි එක මෙයාගේ ලියුම.

 ඔහු ඉල්ලා අස්වෙන්නේ නැතුව දිගටම විදේශගත වෙලා ඉන්න ගමන් රනිල් වික්‍රමසිංහ දිගු කාලයක් තිස්සේ වැඩබලන ජනාධිපති කරගෙන දේශපාලන පළිගැනීම් කරන්න මර්ධනයන් කරන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හසුරුවන්න කැසකවන වද කියලා ප්‍රශ්නය මතු වෙලා තියෙන්නේ.

 ගෝඨාභය රාජපක්ෂ වහාම ඉල්ලා අස්විය යුතුයි නිලවශයන්

 ඔහුව අස් කරලා තියෙන්නේ ඔහු තවදුරටත් ලංකාවේ ජනාධිපති නෙමෙයි.

 ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔහුගේ ලියුම අවශ්‍යයි.

 ගොඩක් අය ව්‍යවස්ථාව ව්‍යවස්ථාව කියනවනේ. ව්‍යවස්ථාවට අනුව නේ වැඩ කරනවා කියන්නේ ලියුම දීලා දාන්න.