ආර්ථික අමාරුකම් හා ජනතාව විඳින පීඩා අවම කිරීමට ස්ථාවර දේශපාලන තත්ත්වයක් අවශ්‍ය බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
බීබීසි සිංහල සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ රට පත්ව ඇති තත්ත්වයේ බරපතලබව සියලු දෙනාම අවබෝධ කරගත යුතුබවයි.
“මේ ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා තියෙන්නේ ක්‍රම දෙකයි,” මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කරයි.
කෙසේ නමුත් දේශපාලන ස්ථාවරත්වයක් නොමැතිව මෙම පියවර සඳහා එළැඹිය නොහැකිබව ඔහු අවධාරණයකර සිටියේ ය.
මෙම ක්‍රියාමාර්ගයන් අසාර්ථක වුණහොත් “ජනතාවට ජීවත්වීමට බැරි තත්ත්වයක්” මෙරට උදාවිය හැකි බවද ඔහු වැඩිදුරටත් පවසයි.