විදේශ තැපෑල සම්බන්ධයෙන් සිදුකරන සේවා ගාස්තු ඉහළ නැංවීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව අදාළ ගාස්තු වැඩිවීම අගෝස්තු පළමු වැනිදා සිට ක්රියාත්මකය.
මේ අතර අමෙරිකාව, නෙදර්ලන්තය, ඊශ්රායලය සහ රුසියාව යන රටවලට තැපැල් භාණ්ඩ භාර ගැනීම තවදුරටත් අත්හිටුවා ඇති අතර තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙරටට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරීම සහ අත්හිටුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.