30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews25 වැනිදා සිට පාසල් පැවැත්වෙන ක්‍රමයේ වෙනසක්

25 වැනිදා සිට පාසල් පැවැත්වෙන ක්‍රමයේ වෙනසක්

රටේ උද්ගතව ඇති දැඩි ඉන්ධන අර්බුදය හේතුවෙන් ජූලි 21 වැණිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ පාසල් ජූලි 25 වැනිදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ඊයේ (19) තීරණය කළේය.

ඒ අනුව පාසල් ආරම්භ කිරීමෙන් පසු සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවලදී සාමාන්‍ය කාල සීමාවන්හිදී පාසල් පැවැත්වීමට තීරණය කර තිබේ.

පාසල් නොපැවෙත්වෙන බදාදා සහ සිකුරාදා යන දිනවලදී මාර්ගගත ක්‍රමයට සියලුම විෂයන් ආවරණය වන පරිදි කාලසටහනක් සාදා ඉගැන්වීම් කළ යුතුය.