― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅංක ක්‍රමයට ඉන්ධන දෙන පිරවුම්හල් මෙන්න

අංක ක්‍රමයට ඉන්ධන දෙන පිරවුම්හල් මෙන්න

වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම අද(21) සිට ආරම්භ වනවා.

QRර්‍ කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වන තෙක් සිපෙට්කෝ පිරවුම්හල්වලින් එලෙස ඉන්ධන නිකුත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව වාහන අංක තහඩුවේ අවසාන අංක 0,1,2 සදහන් යතුරු පැදි ඇතුළු රථ වාහන සදහා අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවලත් 3,4,5 යන අංක සඳහා අද සහ ඉරිදා යන දිනවල ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

6,7,8,9 යන අංක සඳහා ඉන්ධන නිකුත් කිරීම සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල සිදු කෙරෙනවා.

කෙසේවෙතත් මෙහිදී ඉන්ධන නිකුත් කරන්නේ සීමාවන්ට යටත්වයි. ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 1,500 ක්, ත්‍රී රෝද රථ සඳහා රුපියල් 2,000 ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7,000 ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කරනු ඇති.

මේ අතර Qර්‍ කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීම ජූලි 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙනවා.

එහෙත් අද සිට 24 වනදා දක්වා කොළඹ ස්ථාන කිහිපයකදී එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක ජාතික ඉන්ධන අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කෙරෙනවා.

එම ක්‍රමවේදය ලබන 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව අද දිනයේ ජාතික ඉන්ධන අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිත කොළඹ පිහිටි ඉන්ධන පිරවුම්හල් පහතින්,