― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅරගල භූමියට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළා දකිනවා

අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළා දකිනවා

ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගාලු මුවදොර පරිශ්‍රයේ රැඳී සිටි අරගලකරුවන්ට ඊයේ (21) රාත්‍රියේ බලධාරින් විසින් බලහත්කාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස පහරදීම ශ්‍රී ලංකා නීතීඥ සංගමය තරයේ හෙළා දකින බව එහි සභාපති නීතීඥ සාලිය පීරිස් සඳහන් කරනවා.

සිය නිල ට්විටර් ගිණුමට සහ ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් සඳහන් කරන්නේ නව ජනාධිපතිවරයා පත් වූ පළමු දිනයේදී මෙම ප්‍රහාර එල්ලවීම ලැජ්ජා සහගත බවයි.

අදාළ සිදුවීම සිදුව අවස්ථාවේ තම වෘත්තීය මට්ටමින් මැදිහත් වීමට උත්සාහ කළ නීතීඥවරුන් දෙදෙනෙකුටද හමුදා නිලධාරීන් විසින් පහර දී ඇති බව ඔහු ප්‍රකාශ කළා. ඊයේ රාත්‍රියේ කොළඹ ගාලු මුවදොර ක්‍රියාත්මක වන අරගලය විරෝධතා භූමියට ආරක්ෂක අංශ ඇතුළු වුණා.

ගාලුමුවදොර අරගල භූමියට ඇතුළුවන සියලු මාර්ග, මාර්ග බාධක යොදා අවහිර කරමින් මෙලෙස අරගල භූමියට පිවිස ඇත්තේ ශ්‍රී ලංකා පොලීසිය, යුද හමුදාව සහ ගුවන් හමුදාව බවයි වාර්තා වුණේ.

එහිදී ආරක්ෂක අංශ විසින් අරගල භූමියේ රැඳී සිටි අරගලකරුවන්ට අමානුෂික අන්දමින් පහර දී ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන ප්‍රධාන පිවිසුම අවහිර කරමින් ඉදිකර තිබූ අට්ටාලය සහ මාර්ග බාධකය අත්පත් කරගෙන තිබෙනවා.

ආරක්ෂක අංශ සිදුකළ පහරදීම්වලින් අරගලකරුවන් රැසක් තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත බවයි වාර්තා වන්නේ.