26.7 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෞපදි මුර්මු ඉන්දියාවේ නව ජනාධිපති ධුරයට

දෞපදි මුර්මු ඉන්දියාවේ නව ජනාධිපති ධුරයට

ඉන්දියාවේ නව ජනාධිපතිනිය ලෙස දෞපදි මුර්මු ඊයේ (21) තේරී පත් විය.

ඡන්ද 577,777ක් ලබා ගනිමින් ඇය ජයග්‍රහණය කළ අතර එය මුළු වලංගු ඡන්ද ප්‍රමාණයෙන් අඩකට වඩා වැඩි අගයක් වීම විශේෂත්වකි.

ඇයගේ ප්‍රතිවාදියා ලෙස විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරමින් යෂ්වන්ත් සිංහා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පසුගිය සඳුදා පාර්ලිමේන්තු සභා ගර්භය ඇතුළු ස්ථාන 31කදී සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවන් තුළ මධ්‍යස්ථාන 30කදී පැවැත්වුණි.

හිටපු ජනාධිපති රාම්නාත් කෝවින්ද්ගේ ධූර කාලය අවසන් වී දිනකට පසු එනම් ජූලි 25 වැනිදා දෞපදි මුර්මු ඉන්දීය ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ඇත.