― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගෝඨාභයගේ ලේකම්ට රනිල්ගෙන් ලොකු පට්ටමක්

ගෝඨාභයගේ ලේකම්ට රනිල්ගෙන් ලොකු පට්ටමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරයට පත්කිරීමට තීරණය කර ඇති බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඉදිරි සතියේදී ඊට අදාළ පත්වීමේ ලිපිය සෙනරත් වෙත් නිකුත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.

හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු සහ ජනාධිපති ලේකම්වරයකු වන ගාමිණී සෙනරත් වසර 35කට වැඩි කාලයක් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් හෙබවූ ප්‍රවීණ පරිපාලන නිලධාරියෙක් වන අතර ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.