― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොරෝනා සිව්වන මාත්‍රාව හැකි ඉක්මනින් ලබාගන්න

කොරෝනා සිව්වන මාත්‍රාව හැකි ඉක්මනින් ලබාගන්න

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වළක්වා ගැනීමට ජනතාව අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය බවත් හැකි ඉක්මනින් කොරෝනා එන්නතේ සිව් වන මාත්‍රාව එන්නත් කර ගන්නා ලෙසත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ඒ අනුව පොදු ස්ථානවල පොදු ප්‍රවාහනය භාවිතයේදී මෙන්ම විශාල පිරිසක් රැස් වන ගෘහස්ථ ස්ථානවලදී මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය වන අතර දෑත් පිරිසිදු කිරීම, සමාජ දුරස්ථභාවය ආදි සෙසු සෞඛ්‍ය මාර්ගෝපදේශ ද නිසි ලෙස අනුගමනය කළ යුතුය.

වැඩ බලන වසංගත රෝග ප්‍රධාන විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මාධ්‍ය හමුවට එක්වෙමින් මීට පෙර සඳහන් කළ පරිදි කොරෝනා එන්නත් කල් ඉකුත්වීමක් සිදු නොවු බව සඳහන් කළේය. සමාගම ඔක්තෝබර් 31 වැනිදා දක්වා එහි කාලය දීර්ඝ කර තිබේ. එම එන්නත සමාගම විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කරන ලදුව නිසි ක්‍රමවේද අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කොරෝනා වයිරසය යළි ව්‍යාප්ත වෙමින් පවතින බැවින් මුව ආවරණ පැළඳීම යළි නිර්දේශ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා කියයි. එම නිර්දේශය ඊයේ සිට ක්‍රියාත්මකයි.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා සිව් වන මාත්‍රාව එන්නත් කිරීම කඩිනම් කිරීමටද සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවකදී එන්නත්කරණ වැඩසටහන මේ සතිය තුළ ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ලේකම්වරයා පැවසීය.

කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමේ පී සී ආර් පරීක්ෂණ අවශ්‍යතාව මත සිදු කෙරෙනු ඇත. පොකුරු ලෙස කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ නම් එම ප්‍රදේශ හඳුනාගෙන ආවේක්ෂණ පරීක්ෂණ සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

තවද ඔමික්‍රෝන් නව ප්‍රභේදය ප්‍රබලව බෝවීමේ අවදානමක් රටේ පැවතියත් ආසාදිතයන් පරික්ෂා කිරීම සඳහා රැපිඩ් ඇන්ටිජන් කට්ටල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල තුන්සිය හැටපහේම හිඟ බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. එමෙන්ම වෛද්‍යවරුන් හඳුනාගන්නා ආසාදිතයින්ට වඩා වැඩි කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණයක් සමාජයේ සිටින බවද පවසයි.

ඔමික්‍රෝන් නව ප්‍රභේදය මේ වන විට හඳුනාගෙන ඇති අතර පසුගිය කාලයට සාපේක්ෂව පසුගිය දින දහය ඇතුළත කොරෝනා රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ප්‍රධාන වසංගත රෝග ⁣විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.