― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකුණු බිත්තර කෑ පොහොට්ටු මන්ත්‍රීවරිය රෝහලේ

කුණු බිත්තර කෑ පොහොට්ටු මන්ත්‍රීවරිය රෝහලේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර මහනගර සභා මන්ත්‍රීවරියකට ඊයේ (27) නගර සභා සේවකයන් විරෝධය පළ කර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

නාගරික කොමසාරිස්වරයාට පහරදීමේ සිද්ධියක් මුල් කරගෙනයි මෙලෙස පහර දී ඇත්තේ.නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ සමග ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් මෙම මන්ත්‍රීවරිය ඔහුට පහරදී තිබෙන්නේ ඊයේ නගර සභාවේ පැවැති මුදල් කාරක සභාවේදී.

ඊයේ පෙරවරුවේ නගර සභා සේවකයන් සභාවේ දොරටුව අභියස ඇයට එරෙහිව චෝදනා නගමින් විරෝධතා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධය පලකර ඇති අතර නාගරික කොමසාරිස්වරයාගෙන් සමාව ගන්නා ලෙසද ප්‍රකාශ කර තිබෙනවා.

පොලීසිය පැමිණ ඇයගේ ආරක්ෂාව තහවුරු කර නගර සභාවෙන් පිටතට රැගෙන ගොස් තිබෙනවා. මෙම නාගරික මන්ත්‍රීවරිය අනුරාධපුර මූලික රෝහලට ඇතුලත් කර සිටිනවා.