― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනපති හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය අතර හමුවක්

ජනපති හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවක් පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එහිදී ජනාධිපතිවරයා වෙත සිය සුබපැතුම් පිළිගැන්වූ මහ කොමසාරිස්වරිය කරුණු කිහිපයක් පිළිබඳව පුළුල් සාකච්ඡාවක නිරත වී තිබේ.

ආර්ථික ප්‍රකෘතිමත්භාවය සහ දේශපාලන ස්ථාවරත්වය සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව ජනාධිපතිවරයා මහකොමසාරිස්වරිය එහිදී දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්බන්ධව ශ්‍රී ලංකාවේ වගවීම, මානව හිමිකම්වලට අනුකූලව කටයුතු කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සිය අපේක්ෂාව බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළ අතර ඒ සඳහා පූර්ණ සහාය ලබාදෙන බවට මහකොමසාරිස්වරිය සහතික වී තිබේ.