26.7 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක්

අද රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක්

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව බස් සංගම් පවසනවා.

බස් රථ සඳහා ලබාදෙන ඩීසල් ලීටර් 40කට සීමා කිරීමට විරුද්ධවයි මෙලෙස පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙන්නේ.

අප මේ පිළිබඳව පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු පවසා සිටියේ සංගමයක් වශයෙන් තමන් ඒ ගැන තවමත් තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රාදේශීය වශයෙන් මේ වනවිටත් බස් ධාවනයෙන් ඉවත් වී ඇති බවත්ය.

මෙම ප්‍රශ්නයට වගකීම ඇමතිවරයා භාර ගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කර සිටියා.