32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

පරිප්පු, සීනි, අල, ලූණු, මිරිස් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇති බව පිටකොටුව වෙළඳ සංගමය පවසයි.

ඒ අනුව රුපියල් 600 ක්ව පැවති පරිප්පු තොග මිල රුපියල් 410ක් ලෙසත්, රුපියල් 330ක් පැවති සීනි තොග මිල රුපියල් 270ක් ලෙසත්, රුපියල් 215 ක්ව පැවති අර්තාපල් තොග මිල රුපියල් 150ක් ලෙසත් රුපියල් 600ක්ව පැවැති සුදු ලුණු තොග මිල රුපියල් 420ක් ලෙසත් රුපියල් 180ක්ව පැවති රට ලුණු තොග මිල රුපියල් 130ක් ලෙසත් රුපියල් 1900ක්ව පැවැති මිරිස් කිලෝව රුපියල් 1300ක් ලෙසත් මිල පහළ බැස තිබේ.

ඩොලරයක මිල ස්ථාවර වීම සහ බැංකු මගින් ඩොලර් නිකුත් කිරීම හේතුවෙන් මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ යාමට හේතු වී ඇති බව සඳහන්ය.