― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදමිතා, රැට්ටා ඇතුළු 08කට ඇප

දමිතා, රැට්ටා ඇතුළු 08කට ඇප

මැයි මස 25 වැනිදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගය අසළ පොලිස් මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ දමිතා, රැට්ටා ඇතුළු 8 දෙනෙක්ට ඇප හිමිව තිබෙනවා.

මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව ඔවුන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර මැයි මස 25 වැනිදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසළ පිවිසුම් මාර්ගයේ පිහිටි පොලිස් නිලධාරීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ශරීර ඇප මත මුදා හැර තිබේ.