― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅරගලයට සහය දුන් සුදු ජාතික තරුණියගේ වීසා අවලංගු කෙරේ

අරගලයට සහය දුන් සුදු ජාතික තරුණියගේ වීසා අවලංගු කෙරේ

සමාජ මාධ්‍ය ඔස්සේ ගාලුමුවදොර විරෝධතාවයට අදාළව ප්‍රචාරයන් සිදු කළ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක වන කයිස් ෆ්‍රේසර්ගේ මෙරට රැඳී සිටි වීසා බලපත්‍රය අවලංගු කර තිබෙනවා.

මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයට දැනුම් දී ඇත්තේ එළැඹෙන 15 වැනිදාට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙසටයි.

ඇය මෙරට රැඳී සිටියේ වෛද්‍ය හේතුන් මත ලබාගත් වීසා බලපත්‍රයක් යටතෙයි. MED 002918 දරන ඇයගේ වෛද්‍ය හේතූන් මත නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අවලංගු කරන බව දැක්වෙන ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද දැනුම් දීම ඇයගේ සමාජ මාධ්‍ය පිටුවක පළ කර තිබුණා.