2022 වර්ෂයේ දෙසැම්බර් මස අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටීමට නියමිත සිසුන්ට 80% පැමිණීම සලකා නොබැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඊට අදාළ උපදෙස් විදුහල්පතිවරුන්ට ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2019/2020 අපොස උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2022.08.19 දින දක්වා දීර්ඝ කිරීමටද පියවර ගෙන තිබේ.