27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීන නැවට මෙරට මුහුදු සීමාවේ ගවේෂණ තහනම්

චීන නැවට මෙරට මුහුදු සීමාවේ ගවේෂණ තහනම්

හෙට (16) චීනයේ යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට නියමිතයි.

එම නැව අගෝස්තු 22 වැනිදා දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලා තැබීමට අවසර ලබා දී තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම නැව හම්බන්තොට වරායට පැමිණීම සඳහා අවසර ලබා දී තිබෙනවා.

චීනයේ යුවාන් වැන්ග් 5 නෞකාව පසුගිය 10 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබුණත් ඒ සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධය දැක්වීම නිසා නැව පැමිණීම ප්‍රමාද වී තිබිණි. නෞකාව මෙරට මුහුදු සීමාව තුළදී කිසිදු විද්‍යාත්මක ගවේෂණයක් සිදුනොකරන බවට පොරොන්දු වී ඇතැයිද දැන ගන්නට තිබේ.