අද (15) දිනයේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබෙනවා.
සෑම දින 14කට වරක් සඳුදා දිනයේ සිදුකෙරෙන ඉන්ධන මිලේ සිදුකරන සංශෝධනයට අනුව අද (15) දිනයේදී මෙලෙස මිල සංශෝධනය සිදු කෙරෙනවා.
ඒ අනුව අද සිදුකෙරෙන මිල සංශෝධනයේදී ඉන්ධන මිල අඩුවිය හැකි බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
අවසන් වරට සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල රුපියල් 10කින් පහත දැමීමට කටයුතු කළා.