― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්දියාවෙන් අද මෙරටට සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක්

ඉන්දියාවෙන් අද මෙරටට සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක්

ඉන්දීය නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් අද (15) මෙරටට ලබාදීමට නියමිතය.

අදට යෙදී ඇති ඉන්දීය නිදහස් දිනයට සමගාමීව මෙම ගුවන්යානට මෙරටට ලබාදෙන අතර ඉන්දීය රජය මගින් ශ්‍රී ලංකා රජය වෙත එවැනි යාත්‍රා 3ක් මෙරටට ලබාදීමට අපේක්ෂිතය.

2018 වසරේ නව දිල්ලි නුවරදී දෙරටේ ආරක්ෂාව පිළිබඳව පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුව මෙම යානාව ආරම්භක වසර දෙක සඳහා නොමිලේ ලබා දීමට ඉන්දියාව එකඟත්වය පළ කර තිබේ.

මෙම යානය ලබාදීමෙන් අනතුරුව ඉන්දීය තාක්ෂණික නිලධාරීන් 05කගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව මාර්තු මාසයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කර ඇති ලියකියවිලිවල සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.

මෙම සමුද්‍ර නිරීක්ෂණ, ඔත්තු බැලීම් සහ මුදාගැනීම් ශ්‍රී ලංකා මුහුදේ සුවිශේෂී ආර්ථික කලාපය තුළ සහ ශ්‍රී ලංකා ගුවන් අවකාශය තුළ සිදු කිරීමට නියමිතය.