වෙළෙඳපොළේ කුකුළු මස් සහ බිත්තර මිළ ගණන් ඉහළ යාම සම්බන්ධව විශේෂ අවධානය යොමුවී ඇතැයි වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
ඒ සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙස පාරිභෝගික අධිකාරියට දැනුම් දී ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
සත්ත්ව ආහාර ආනයනය සඳහා කුකුළු නිෂ්පාදකයින්ට මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිතව බව ද ඔහු සඳහන් කර සිටියා. මේ වනවිට වෙළඳපොළේ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1300ත් 1400ත් අතර අගයක් ගන්නා අතර, බිත්තරයක මිල රුපියල් 60ත් 65ත් අතර අගයක් ගනු ලබනවා.