30 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුපියල් 250කට තෙල් දෙන්න පුළුවන්ද?

රුපියල් 250කට තෙල් දෙන්න පුළුවන්ද?

ඉන්ධන ලීටරයක් රුපියල් 250ක පමණ මුදලකට ලබාදිය හැකි බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සිදුකළ නිර්දේශයක් අනුව ජාතික විගණන කාර්යාලය මෙම විමර්ශනය සිදුකරන බවයි වාර්තා වුණේ.

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් කෝප් කමිටුව හමුවට පසුගිය දිනක කැඳ වූ අවස්ථවේ දී මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ සියලු බදු ‍එක්කර ඉන්ධන ලීටරයක් රුපියල් 250ක් වැනි මුදලකට ලබාදීමේ හැකියාව පවතින බවයි.