පොල්දූව මංසන්දිය අසල පැවති විරෝධතාවයකදී පොලිස් නිලධාරීන්ට හා යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකර ගිනි අවි කොල්ලකෑම හා දේපලවලට අලාභහානි සිදු කළ පිරිස් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පෙන්වා දෙන්නේ අදාළ සැකකරුවන් ගැන තොරතුරු දන්නේ නම් 0718 591733, 0712 685151 හෝ 1997 යන අංක වෙත දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.