ඩයස්පෝරාවේ සහාය ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් මෙරට පිහිටුවීමට රජයේ අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) කොළඹදී පැවති විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනයේ සම්මාන උලෙළ අමතමිනි.
රට ගොඩනැගීම සඳහා පියවර රැසක් ගනිමින් ඇති බවත් ඒ වෙනුවෙන් සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.