― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට රැඳී සිටින බ්‍රිතාන්‍ය තරුණිය සොයා විමර්ශන

මෙරට රැඳී සිටින බ්‍රිතාන්‍ය තරුණිය සොයා විමර්ශන

ගාලුමුවදොර විරෝධතාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදුකළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව වීසා බලපත්‍රය අවලංගු කර ඇති අතර අගෝස්තු 15 වැනිදාට පෙර රටින් පිටවන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයට දැනුම් දී තිබුණා.

කෙසේවෙතත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙතෙක් ඇය රටින් පිටුවහල් වී නොමැති බවය. ඇය රැඳී සිටි ස්ථානයෙන් මේ වන විට නික්ම ගොස් ඇති බව වාර්තා වනවා.

බ්‍රිතාන්‍ය ජාතික Kayleigh Fraser සොයා විමර්ශන ආරම්භ කර ඇති බව ආගමන විමගමන දෙපාර්තමේන්තුව පවසයි. අදාළ තරුණිය මේ වනවිට මෙරට රැඳී සිටින අතර ඇය සිය භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.