ශ්රී ලංකා මහ බැංකුවේ පසුගිය අවස්ථාවල ගත් තීරණ හේතුවෙන් රටේ ආර්ථිකයේ යම් සාධනීය ප්රතිඵල දක්නට ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ,
“උද්ධමනය 60%ක් වැඩියි කියන එක පිළිගන්නවා. විදේශ විනිමය හිඟය යම් දුරකට අඩුවෙලා. රට තුළ බැංකුවල යම් විදේශ විනිමය ප්රමාණයක් තිබෙනවා. ආනයන වියදම අඩුවෙලා. අපනයන ආදායම වර්ධනය වෙලා.“