― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජැකා බලන්න ජනපති මහ රෝහලට

ජැකා බලන්න ජනපති මහ රෝහලට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද උදෑසන හදිසියේම කොළඹ ජාතික රෝහල වෙත පැමිණියා. ඒ හදිසි අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගධරයෙකු, සිනමාවේදියෙකු සේම, ඉතිහාසඥයෙකුද වන ජැක්සන් ඇන්තනීගේ සුවදුක් විමසීම සඳහායි.

රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනීගේ බිරිඳට ජැක්සන් ඇන්තනී වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අතරම ඇන්තනීගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා යම් උපකාරයක් අවශ්‍ය නම් වහාම තමන් දැනුවත් කරන ලෙස එහිදී ඉල්ලා සිටියා.

වෛද්‍ය ප්‍රතිකාර සේම ආගමික හා ආධ්‍යාත්මික ආශිර්වාදයද ඉතා වැදගත් බැවින් ජැක්සන් ඇන්තනීට සෙත් පතා ආගමික ආශිර්වාද වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කරන ලෙසද, ඊට සිය උපරිම සහාය ලබාදෙන බවද ජනාධිපතිවරයා එහිදී ඇන්තනී පවුලේ සාමාජිකයින්ට ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා හමුවූ ජනාධිපතිවරයා රෝහලේ අනෙකුත් රෝගීන්ට අවශ්‍ය, දැනට හිඟතාවය සහිත ඖෂධ කඩිනමින් සැපයීමට ක්‍රියාකරන බව පොරොන්දු වූ අතර දිවයින පුරා රෝහල් වල බෙහෙත් හිඟයෙන් පීඩාවට පත්ව සිටින රෝගීන්ගෙ ජීවිත සම්බන්ධයෙන් තමාට විශාල වගකීමක් ඇති බවද ප්‍රකාශ කර තිබේ.

රෝහලෙන් පිටතට පැමිණීමේදී ජනාධිපතිවරයා විසින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණ සිටි රෝගීන්ගෙන්ද සුවදුක් විමසා සිටියා.