― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහනුවර විවාහ මංගල්‍යයකට ගිය 600ක් රෝහලේ

මහනුවර විවාහ මංගල්‍යයකට ගිය 600ක් රෝහලේ

මහනුවර තරු හෝටලයකදී පසුගියදා පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වීමෙන් පසු හදිසියේ රෝගාතුර වූ 600ක් පමණ වූ පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව වාර්තා වෙයි.

මංගල උත්සවයෙන් පසුව මධුසමය සඳහා මැලේසියාවට ගිය මනාල යුවළ මධුසමය පසෙකලා එරට රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන ඇතැයි දැන ගන්නට ලැබේ.

අදාළ හෝටලයේ එදින මහනුවර ප්‍රධාන පෙළේ ව්‍යාපාරික පවුලක සාමාජිකයකුගේ විවාහ මංගල උත්සවයක් පැවති අතර උත්සවයෙන් පසු මනාල යුවළ මධුසමය සඳහා විදේශගත වීමට සැලසුම් කර තිබෙනවා.

මංගල උත්සවයට සහභාගී වූ විශාල පිරිසක් නිවෙස්වලට නොගොස් කෙළින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් ඇති අතර අසාත්මිකතාව නිසා රෝගිවූ පිරිස රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වලින්ද ප්‍රතිකාර ලබාගෙන තිබේ.

අදාළ තත්ත්වය හේතුවෙන් විවාහ මංගල්‍යය සංවිධාන කළ ව්‍යාපාරිකයාද දැඩි අසීරුතාවට පත්ව ඇති අතර හෝටලයෙන් ආහාර සහ ජලය ගත් අයට උණ, හිසරදරය, වමනය, බඩඑළිය යෑම වැනි රෝග ලක්ෂණ දින තුනක් පමණ තිබී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි.

මේ හෝටලයේ අදාළ දිනයේ තවත් මංගල උත්සව දෙකක් පවත්වා ඇති අතර ඒවාට සහභාගි වූ අයද වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුව තිබෙන බව දැන ගන්නට තිබෙනවා.
මංගල උත්සව තුනටම සහභාගි වූ පිරිස මෙලෙස රෝගී වීම නිසා ආහාරවලට වඩා ජලයේ ගැටලුවක් හේතුවෙන් එම තත්ත්වය ඇති වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැක පළ කරයි.

සෞඛ්‍ය අංශ මගින් අදාළ හෝටලයේ ජල ටැංකියේ ජල සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා පෙරේදා (17) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායනාගාරය වෙත යොමු කර තිබෙනවා.‍