― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබිත්තර නිෂ්පාදකයින් අද කොළඹට

බිත්තර නිෂ්පාදකයින් අද කොළඹට

බිත්තරයකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් සකච්ඡා කිරීම සඳහා බිත්තර නිෂ්පාදකයින් අද (22) කොළඹට පැමිණෙන බව එම සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාගෙන් සහ වෙළඳ අමාත්‍යවරයාගෙන් අදාල සාකච්ඡාව සඳහා අවස්ථාවක් ඉල්ලා සිටින බවයි.

තමන්ගේ ගැටලුව සඳහා සාධාරණ විසඳුමක නො ලැබුණහොත් නීති මාර්ගයෙන් කටයුතු කිරීමට සූදානම් බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

බිත්තරයකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය 19 වනදා රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් නිකුත් කරනු ලැබුවා.

එම ගැසට් නිවේදනයට අනුව දුඹුරු සහ රතු බිත්තරයක් රුපියල් 45කටත්, සුදු බිත්තරයක් රුපියල් 43කටත් අලෙවි කළ යුතු වනවා.

බිත්තරයක මිල රුපියල් පහකින් අඩුකරන බවට බිත්තර නිෂ්පාදකයින් පවසා තිබූ පසුබිමකයි මෙලෙස බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබුවේ.

මේ අතර උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවිකරන වෙළෙඳුන් සොයා දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළා.